2012/03/21

ප්‍රිෆෙක්ට් කම් හා පො** කම්


සිදු උන දෙයකි මෙය අපි හය දෙනකු            හට
ඔබන්න හිතුනා සිද්දිය                        කවියකට
ගැට ගැහුවට ඇති හැකියට මේ               ලෙසට
වැරදි ඇතොත් පොඩි සමාවකුත්              දෙන්ට

ලැබුන විටදි පොඩි විවේකයක්                  අපිට
තාල තියන එක කරන්නෙ ඩෙස්               එකට
එක දවසක් තාලය වැඩි වී                     හොඳට
කිවුවා සින්දු ප|න්තිය ගිගුරුම්                  දෙන්ට

මේ සජ්ජේ ඇහිලා වෙන                    කට්ටියට
එක එක  ඔලු එනවා පංතිය                     තුලට
මහ තැන ආවත් ගානක් නැත                   අපට
මියුසිකල් ෂෝ එකක් විය එය       මොහොතකට

මේ සද්දේ ඇහිලා ප්‍රිෆෙට්                   අයියලට
දුවගෙන ආවා නෙව උන්                    පංතියට
පඩේටවත් ගනන් ගන්නේ නැති             ලෙසට
කිවුවා අපි සිංදු උන් වත්                 නැටවෙන්ට

එක ප්‍රිෆෙටෙක් කෑ ගැහැවයි මේ          ලෙසට
"නවත්තපිය ඔය සද්දේ" යැයි                   එමට
මිනිහට හොඳටම ලැජ්ජා             හිතෙන්නට
හූවක් දුන්නයි අපි ඔක්කොම                 එකට

ප්‍රිෆෙක්ට් ලා උනත් කොන්දක් නැත      උන්ට
තිබුනා නම් ගහන්ට තිබ්බා                   අපට
උන් හට උන රෙදි ගැලවෙන             සිද්දියට
කලිසමේම ගූ වන්නට ඇත                  උන්ට

සිද්දිය වී දින හතරක්                     ගෙවුනාට
ප්‍රිෆෙක්ට්ලගෙන් කොක්කක් නැත   අප වෙතට
දිනක අපි හයක් කැන්ටිමෙ          ඉන්නකොට
ආවයි එතනට ප්‍රිෆෙටෙක් පට්ට             කොට

මල්ලී උඹලා දන්නැත්තම් අහ               ගන්ට
හිතා ඉන්නේ උඹලා කැ*යොද               පට්ට
අහු උනොතින්  උඹලා මහ මග              අපිට
අහවල් ඒවා ගලවල දෙනවා                  අතට

දීපිය බලන්නට පුළුවන්නම්                   අතට
කෙලිනවා තොපෙ බොකු බඩවැල් ඇබරෙන්ට
අපේ එකෙක් ඇදිලා ගිහින් ඌ              ලඟට
කිවුවා දෙකක් උගෙ හයිරං අඩු            වෙන්ට

මිනිහට දැනෙන්නැති වැඩ වැරදෙන     බවට
බුවා එනවා ෂේප් එකේ අපි                ලඟට
ඇවිත් අනේ හොඳ මල්ලී යැයි           ලෙසට
දෙනවා මූ බටර් පාර                     උපරිමට

එදා උඹලා කල දේ හරි නෑ                නේද
අලුත් එවුන් ලඟ අපි චාටර්                 නේද
අයෙත් උඹලා එහෙම කරන්නෑ           නේද
කියාපං කෝ මල්ලී මං හරි                  නේද

මොනව කරන්නද අපි උඹලගෙ            පවට
කොන්ද තියේ නම් නැමෙන්නේ         කුමකට
උඹලගේ තියන පො**කමත් වැඩි        වෙන්ට
කවදාවත් බෑ උඹලට රජ                  වෙන්ට

අපි ලඟ ඒ හිටිය පොඩි ප්‍රිෆෙක්ට්       කොට
ඇරලා කියපි හෙමීට උගේ හැකර         කට
අලුත් කොල්ලෝ ඉදිරියේදි මේ         ලෙසට
අපිව පො**යෝ නොකරන්            ඉදිරියට

2012/03/10

වල් කෙල්ලක් ගෙන් බේරුනෙමි......

           අද පෝස්ට් එක නම් කෙල්ලන් ගැනය. ඒ  අපි එක්ක එකට පංති ගිය විසේකාර කෙල්ලක්ට මීට කාලෙකට ඉහත උන කක්කා සීන් එකක් ගැනය. මේකිගේ තිබ්බ විසේට මගේ ඇඟේ එල්ලෙන්න ඇවිදින් මා ඉන් ගැල උනේ අනූ අටෙනි ඉතුරු දෙක ඒකී මගෙන් ඉස්සුවාය. ඒ මොකෝ කියනවා නම් මේ කෙල්ල දවස් දෙක තුනක් මා පසු පසු ලුහු බැන්ද නිසාවෙනි.
         ඉස්සර හත අට වසර වෙල ඉන්නකොට මට කෙල්ලන් තරම් අප්පිරියා ජාතියක් වෙන නැතිය. මා සිතා සිටියේ උන් නාන්නේ නැති දත් මදින්නේ නැති ජාතියක් ලෙසය. ඒ නිසා කෙල්ලන් ලඟින් යද්දී පවා බිම බලා ගෙන නාසය වසා ගන්න පුරුද්දක් මා ඇති කර ගත්තෙමි.
         පසුව වයසින් මුහුකුරා යත්ම මට කෙල්ලන් ගැන හිතේ කොනක පොඩි මෙවුවා එකක් ඇති විය. පසුව කල සොයා බැලීම් වලදී මට හිතුනේ ඒ මෙවුවා එක ඇති උනේ මා කෙරෙන් කෙල්ලෙක් කෙරේ ආල හිතක් ඇති වී ඇති නිසාවෙන් බවය.
          නවය වසරෙය එන විට කෙල්ලන් ගැන මාගේ හිතේ තිබුනු අදහස් සම්පූරනයෙන්ම වෙනස් විය. ඒ "කෙල්ලන් හරි හුරතල්ය, හුරුබුහුටිය, චමත්කාරය, නෙත් සිත් පැහැර ගන්නා සුලුය යන ලෙසද ඔවුන් නාන්නේ නැති ජාතියක් නොව ඇදගෙන නාන ජාතියක්" බවද ලෙසටය.
        ඉහත තුන් වන ඡේදයේ සඳහන් පරිදි මාගේ ආල හිතේ ඇති වූ සීග්‍ර වර්ධ්නය හේතු කොට ගෙන  කෙල්ලක් ගෙන් කැමැත්ත පිළිබඳ විමසීය. ඒකට ඒ කෙල්ල එක පයින්ම බෑ කීවාය. මොනවා උනත් ඒකී හරි  සෝයි කෙලි පොඩ්ඩකි.
         ඉස්සර ඕලෙවල් කාලේ මම යන්න කැමතිම පංතිය කොමර්ස් පංතියය. ඒක පට්ටා ආතල් පන්තියකි. හිටියේ කොල්ලන් දහ පහලොස් දෙනෙකි. කෙල්ලන් අසූවක් විතර. මෙහෙවු පංති වලට යන්න ඇකමැති කොල්ලෝ නැති තරමය. ඒ කාලේ අලුතින් කොල්ලෝ එනවාට අපේ උන් අකමැතිය. අලුතින් කෙල්ලො නම් තව සීයක් ආවත් එපා කියන්නෙ නැතිය. ඒ සර් කාරයා අපිට වඩා අන්ඩයෙකි. උගන්නන එකෙත් කිසි  කහටක් තිබුනේ  නැත.
           ඉස්කෝලේ ඇරුන ගමන් ම කට්ටිය පය ඉක්මන් කරන්නේ කෙල්ලන් එන්නට පෙර පංතිය ඇතුලට යා ගැනීමටය. ඒ අපිට එන හැම කෙල්ලගෙම මූණු පොඩි බලන්ට තිබූ අහිංසක ආසාව නිසාවෙනි.
          සමහර කෙල්ලෝන්ගේ මූණු කැලෑසියට එනකොට දැඩිව රතුවී ඇත. මට සිතෙන්නේ හිරවූ බසයක දැඩි ආසාවෙන් ගමන් කල නිසා එසේ වී තිබෙනා බවය. සමහරුන් එන්නේ යහන් ගතව සිට හදිසියේ කැලෑසිය මතක් වූ ලෙසය. කොන්ඩා අවුල්ය,ගවුන් කෑලි පොඩි වී ඇත,මූණ පුරා දාඩිය,කිසිම ප්‍රෙෂ් ගතියක් නැත.
            මේ පංතියට වැඩි පුරම ආවේ වෙන්ට පොස් කෙල්ලනය. උන් හිතා හිටියේ උන් තරම් කෑලි ලංකාවේ වෙන කොහෙවත් නැති ලෙසය. සමහර අය කෑලි කියා සිතා සිටි ලෑලිය. ඔය අතර අපිට පේන්ට හරි අමාරුවෙන් අලුවා කැපූ කෙල්ලෝද සිටියෝය. ඒවා දුටු අපේ ගොයියනට ගිහි ගෙය හැර යන්ට නොහිතුන එක පුදුමයට කරුනකි. 
           එක දවසක් අපේ බුවෙක් කාලක් ක්‍රියා කොට අසිහියෙන් ගොස් කෙල්ලක් බදාගෙන පට්ටා පජාත සීන් එකක් වු සැටි අදටත් මතකේ ඇත. තව අපේ වැසිකිලිය බිසී වී තිබ්බ තදියම නිසා කෙල්ලන්ගේ එකට රිංගා තව එකෙක් ගූ වී ගිය සැටිද පට්ටාය.
          ඔය කැලාසියට එක දැරිවියක් ආවා ඒකී පට්ටාය, කොටය, සෙක්කිය. අපේ උන් මේකිට වහ වැටුනේ කාටත් නොදැනීය. මේකිත් හුරේ කියා කට්ටියව කදේ දමා ගත්තාය. එක දිනක් මෙකී මා ගෙන් නොමනා  ඉල්ලීමක් කලාය. ඒ ඇසූ මම දැඩි ලෙස තාක්බීර් වීමි. ඒ ඒකී බිවු මයිලෝ පැකට් එකේ ඉතිරිය මට බොන ලෙසය. ඈක්කා..... මේකී කට ගැසූ එක බොන්නේ කෙලෙසද,..? මේකී දත් මදිනවද දන්නෙත් නෑ...? මෙහෙම එක එක ගූ කෙල්ලන් බිවු ඒවා ඇල්ලුවොත් මමත් ගූ වෙනවා නේද...? මේ මා හට එවෙලේ ඇති වු ගැටළු කීපයකි.
          මේකි එනේ හොඳකට නොවෙන බව පොඩි එකා සන්දියේ පටන් මා ලඟ තිබූ බලු ගතිය නිසා ඇතිව තිබූ ඉවෙන් ම මා හට දැනුනි. මේකී නිසා බොහෝ විට මා ඉඳුල් විය හැකි බව මාගේ ගොන් මොලයට වැටහුනේ නිරායාසයෙනි. ඒ නිසා හැකි තාක් මේ දැරිවිගෙන් ඈත්ව විසීමට මා ඉටා ගත්තෙමි. මාගේ උතසහය ඵල නොදරන බව කලක් යත්ම මට වැටහෙන්නට විය. මන්ද කියතොත් මේකී මා පස්සේ ඇවිත් වාත වූ හෙයිනි.
           දිනක් මා කැලෑසිය ඉවරවී යන ඇතර තුර ඒකිගේ දෙවෙනි ප්‍රහාරය මා වෙත එල්ල කලාය. ඒ මාත් එක්ක බස් එක ලඟට යන්න එනවා දැයි ඇසීමෙනි. ඒය ඇසීමෙන් අධික කම්පනයට පත් අසරණ මා හනික දිව ගොස් බසයක එල්ලුනෙමි.
       කල් යද්දී මේකී මා හට පෑ ආලවන්ත කම් අඩුවන්ටට විය. ඒය මාගේ දැඩි සතුටටද හේතු විය. කාලෙකට පස්සේ මේකී පංති එන එකද නැවැත්තුවාය.ඉතින් මට ආයෙමත් බියෙන් සැකෙන් තොරව පංති යාමේ හැකියාවක් ලබුනේය. අයෙත් අර වෙන්ට පොස් කෑලි වෙලට කක්කා කතා කිය කියා. මාගේ සගයෝ එක්ක නොහොබිනා වැඩ කිරීමට ආයෙත් ඉඩ ප්‍රස්තාව මා හට ලැබිනි.
           අපි ඔහොම වගක් නැතුව කුප්ප කං කොර කොර ඉන්නකොට  අසික්කිත ආරංචිඅයක් අපේ කන වැකුනේය. ඒ අර මේ ක්ලාස් ආව සෙක්කි කොට කෑල්ල අහවල් වැඩේ කොරලා ගෙදරට මාට්ටු වී ඇති බවය. මාටුවී ඇත්තේ වීඩියෝ එකක්ය.... ඒ මදිවට ඒක කණ්ඩායම් ක්‍රියාකාරකම් ට්යිප් එකේය.....මේ වගේ එවුන් නම් නොදෝමකින් ය..... මුලු ගෑණු සංහතියටම කැලලක්ය.
         මේ විදිහට් බලනා කල කොල්ලන් පට්ටා හොඳය. මොන ජරා වැඩේ කොරත් මෙච්චර චාටර් සීන් කරන්නේ නැතිය. කරත් ඒවා මාට්ටු වෙන්නේ නැතිය. කොල්ලනේ උඹලත් සෙක්කි කෙල්ලන් පස්සේ ගොස් ගූ වන්නට එපාය. හොඳ හැදිච්ච එකියක් පස්සේ කකුල් ගෙවෙන කම් ගියත් කම් නැතිය. අය කියන්ට තියෙන්නේ ඔය අහවල් වැඩ කොලත් මාට්ටු වෙන්ට කොරනට එපාය. මේ වෙලාවේ මාහට අපේ කොටු පනින්නන් සිහියට ඒ. උන් ගැන කතා පස්සේ පෝස්ටු වලින් ලියන්නෙමි. ඒවා අතරද චාටර් කතා රාසියකි.

2012/03/03

අපි ගොඩක් උඹට නපුරු උනා සමාවෙයං බං.......

          ඒ ගිය අවුරුද්දේ මැයි මසේ මැද පොඩි සීතලකුත් එක්ක පටන් ගත්ත ලස්සන දවසක්. උදේ බීටා ඉස්කෝලෙට ගියේ වෙනදා නැති අමුතු හැගීමක් එක්ක. තවත් විශේෂයක් උනේ එදා තමයි උසස් පෙළට අපේ ඉස්කෝලෙට අලුතින් කට්ටිය ආපු දවස. බීටලාගේ පන්තියේ කට්ටිය හොඳට සැදී පැහැදී හිටියේ අලුතින් ආව අය පිළිගන්න. මීට ඉස්සර නම් බීටලාගේ ඉස්කොලේ සයන්ස් සෙක්ෂන් එකට එන අයට වැඩිය කට්ටක් නොළැබෙන විදිහේ සංස්කෘතියක් තමා තිබුනේ. ඒත් ඒවා වෙනස් කරන්න කට්ටිය හීන මැවුවේ සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලා.
      ඔන්න ඉතින් ඒ හීන මැවුව දවස උදාවෙලා කියලා කටත් හිතුනා. ඉතින් ඔන්න අපේ පංති භාර මැඩම් කට්ටියව එක්කගෙන ආවා ඒ හැමෝගෙම අලුත් ඉස්කෝලෙයක් ලැබුන එකට තිබුන සතුටට වඩා ගොඩක් ඒ මූණු වල පේන්න තිබ්බේ බයක් තැතිගැන්මක්. ඉතින් ඒ මූණු අතරේ ගොඩක් අහිංසක බබා මූඩ් තිබ්බ ඒවා ගොඩක් තිබුනා. ඔය ඔක්කොම මකලා උලලා ගන්න තමා කට්ටිය හිටියේ. ඉතින්, "සමරේ"උඹේ අවාසනාවකටද දන්නේ නෑ උඹත් අපේ පන්තියට ආවා ඒත් බීටා නම් උඹේ මූණේ දැක්කේ භය යට හැංගුන මහා කපටි කැ* පාටක්.
      මැඩම් පන්තියෙන් යනකම් කට්ටිය ගොඩක් නොයිවසිල්ලෙන් හිට්යේ අලුත් මූණු ටික අදුර ගන්න. උඹලගේ අවාසනාවද දන්නේ නෑ ඒ දවස් වල අපේ පන්ති නායක තුමා ගොඩක් නුරුස්සන ගතියෙන් කාලේ ගෙවුව කාලයක් උගේ පවුල් ප්‍රශ්නයක් නිසා. ඒ කරදර තරහා යවන්න හොඳම මාර්ගය උනේ අලුතින් ආව උඹලා. ඒ දවස් වල උඹලගේ අසරණ කම අපි කාටවත් තේරුණේ නෑ. ඉතින් එක එකාට එක එක චාටර් සීන් සෙට් වෙනකොට සමරේ උඹට සෙට් උනේ උඹේ අලුත් පන්තියේ වයිට් බෝඩ් එකේ ඇඳපු කුරුල්ලෙක් එලවන එක. ඌව එලව ගන්න බැරි උන උඹ එදා ඩෙස් එක උඩ නැගලා දෙපැත්තට වැනි වැනී "රෝස මලේ නටුවේ කටූ" කිවුවා බීටට හොඳට මතකයි.
      ඒත් සමරේ, උඹේ අවාසනාවට උඹ ගෙදර ගිහින් ගමේ උන්ට ලොකු ටෝක් එකක් දිලා තිබ්බා අර ඉස්කෝලේ එවුන් මෙහෙමයි.... බ්ලා බ්ලා කියලා. ඒ වගේ දෙයක් ඇහුවම  ඉස්කෝලේ පරණ හිටිය ඔනේ එකෙක්ට තෝව මරාණ කන්න හිතෙයි කියලා බොට නිකමට වත් නොහිතුන එක පුදුමයි බං. ඔය හේතුව නිසා උඹ අපේ උන් ගෙන් අම්බානක ගුටි කෑවා. දොලහා වසරේ ඉදියා උනත් උඹේ ඇහැට කඳුලක් ආව හැටී බීටා හොඳට දැක්කා.
          එදා උඹ ගැන දුකක් නොහිතුනත්,පස්සේ බීටගේ හිතේ උඹ ගැන ලොකු පැසුතැවීමක් ඇති උනා. ඔන්න ඔය අතරේ තමා උඹේ අසරණ කම ගැන බීටගේ කනට වැටුනේ." අඩේ සමරේ ගොඩක් දුප්පත් පවුලක කොල්ලෙක් බං...සමරෙගේ අම්මත් නෑ බං තාත්තත් පොඩි රස්සාවක් කරලා ජීවත් වෙන්නේ, මූ ගෙදර ගිහාම ගොඩක් මහන්සි වෙනවා මල්ලිලා නංගිලාගේ වැඩ කරන්න" ඔය ටික කන වටුනම ඇත්තටම මුලු ලොකෙම බීටා වටේ කැරකෙනවා වගේ දැනුනා.
        මොකක්ද අපි කරපු මහ අසමජ්ජාති හිතක් පපුවක් නැති වැඩේ කියලා හිතුනා. ඇහැට කදුලක් එන්න තරමට දුකයි. ඒත් අඩන්නද බං. එදා පංතියේ උන් උඹට තලන කොට  උඹට කොච්චර අසරණ කමක් නම් දැනෙන්න ඇතිද...? මේ වගේ දෙයක් බීටට උනානම් ඒක බීටට දරා ගන්න අමාරුයි, ඒත් එදා කොල්ලෝ තිහක් විතර මැද ගුටිකාලා අඩනකොට හිනා උන හැම එකාම උඹට මහා පාපතරයෝ, යක්ශයෝ වගේ පේන්න ඇති නේ.....? ඒත් උඹ ඒවා ඉවසන් හිටියා. එක පන්තියේ හිටිය එකෙක් ගැන කවදාවත් බීටට උඹට තරමට හිතේ අනුකම්පාවක් ඇති උනේ නෑ. මොකද මීට කලින් බීටට කවදාවත් උඹ තරමට අසරණ උන එකෙක් හම්බ වෙලා නෑ බං. ඒත් එදා බීටත් උඹට සැලකුවේ ගොඩක් නපුරු විදිහට. දැනටත් ඒ ගැන තියෙන්නේ ලොකු පසුතැවීමක්.
          හිතේ ඇති උන ලැජ්ජාවත් එක්ක බීටට උඹගේ මූණ බලන්න හයියක් තිබුනේ නෑ. ඒත් කලින් දවසේ මොනවත් නොවුන ගානට "ගුඩ් මොනිං මචං" කියලා හිත පුරා කිවුව විදිහ හරි පුදුමයි සමරේ. ඉතින් එහෙම උඹට අපි කරපු හදිය.................මේ හැම දෙයකටම අපි හැමෝම වෙනුවෙන් බීටා උඹෙන් සමාව ඉල්ලනවා. අපේ ගොඩක් උන්ට පස්සේ කරපු දේ ගැන ගොඩක් පසු තැවුනා ඒත් , උඹට සමාවෙයන් මචං කියන්න තරම් හයියක් මහ ලොකුවට අයියලා කියලා හිතන් ඉන්න අපි එකෙක්ටවත් තිබ්බේ නෑ.ඉතින් සමරේ අයෙත් සැරයක් බීටා මේ හැමෝම වෙනුවෙන් උඹෙන් සමාව ඉල්ලනවා......


       අපි උඹට ගොඩක් නපුරු උනා, අපිට සමාවෙයං බං.......!