2012/01/10

අවුරුද්දකුත් ගෙවුනා......

        මේ ගෙවෙන්නේ අලුත් අවුරුද්දක පළවෙනි මාසේ මුල් දවස් ටික, බීටලාට ඉස්කෝලේ එහෙමත් පටන් ගෙන. අයෙත් ඉතින් උදේ ඇහැරලා ඉස්කෝලේ ගිහින්, සෙල්ලම් කරලා පාඩම් කරලා නිදියන හුරු පුරුදු වැඩ රටාවට එන්න වෙලා. නිවාඩු කාලයක් ඉවර වෙලා පළවෙනි දවෙසේ උදේ නැගිටිද්දී දැනෙන්නේ ඉස්කෝලේ යන්න මහා බැරියාවක්....
       කොහොමින් කොහොමින් හරි ඉස්කෝලේ ගිහින් ඇවිත් හවස පොඩි නින්දකට ලෑස්ති වෙනකොට බීටට මතක් උනා ගිය අවුරුද්දේ මේ කාලේ බීටලා හිටිය හැටි. ඒ දවස් වල නම් මොකද විභාගේ ලියලා ගෙදරට වෙලා ඉන්න කාලේ. කවුරුවත් ඇහැරවන්නේ නෑ, යාළුවො එක්ක රස්තියාදුවක් ගහන්ට ගියාට මොනවත් කියන්නේ නෑ, දවසම කකා බිබී කොච්චර ජොලියේ හිටියද.
          හිතා ගන්නවත් බෑ අවුරුද්දකුත් ගෙවිලා ගියාද කියලා. ඒ දවස් වල අපි හිටියා වගේ අද තවත් පොඩි උන් ටිකක් ගෙදරට වෙලා සැහැල්ලුවෙන් ඉන්නවා. උන් ටත් ඉතින් ඊලඟ අවුරුද්දේ මේ කාලේ වෙනකොට බීටට හිතුන දේ හිතෙනවට කිසි සැකයක් නෑ. ඒ පොඩි උන්ට එහෙම හිතෙන කොට බීටලාට මතක් වෙනවා තව මාස අටයි නේද කියලා. එතකොට තමා ඉහේ ඉඳලා දෙපතුල වෙනකම් හිරිවැටිලා යන්නේ. ඔන්න ඔහොම ඔහොම එක එක ඒවා ගැන හිත හිත ඉන්න කොට ප්‍රසිද්දියේ කියන්න බැරි දෙවල් වගයකුත් හිතුනා. ඉතින් කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට එහා පැත්තේ ඉන්න ෆෝන් රාජයා නලියන්ට ගත්තා.....දහයෙ ඉඳලා බීටා එක්ක එකට හිටිය එකා.....


හලෝ කියහන් මචන් මොකද...?

අඩේ බීටා උඹ හෙට ඉස්කෝලේ එනවද...?

හෙට නම් එන්ට බෑ වගේ බං හෙට හවුස් මීටිං තියනවා....

ඒකත් එහෙමද....
..........

..........

..........

ඔව් බං අනිද්දා එනවා අනිවා....

හරි හරි ....

අනිද්දා ඉඳලා පොඩි උන්ව ප්‍රැක්ටිස් කරවන්ට තියෙන්නේ බං

               ඔය සංවාදෙන් පස්සේ මතක් උනේ යාළුවන්ව. බීටට ගොඩක් යාළුවෝ හම්බ වෙලා තියනවා. ඔය අතරේ හැම දේකටම එකට ඉන්න පට්ට එවුන් වගේම ආත්මාර්ථකාමී ගූ ඩයලුත් හම්බ වෙලා තියනවා. අපි අට නවය වසර වල ඉන්නකොට මතකයි අපේ උන් කෙල්ලක් බලන්න යනව නම් අනිවා බීටට කතා කරනවා. ඒත් ඉතින් බීටා ඒ දවස් වල ගොඩක් ලැජ්ජා කාරයා නිසා ගොඩක් ලඟින් ඇසුරු කරන එකෙක්ගේ හැර යන්නේ නැ. දැන්නම් ඒ කාලේ මතක් වෙන කොටත් දුකයි. බීටලාගේ වයසෙ උන් වගේ අට නවය පංතිවල අයනම් ඒ තරමට කුපාඩි කම් කරපු උන් ඉන්ට නැතුව ඇති.... ඔය අතරින් යට ඇඳුමක් මැඩම් කෙනෙක් ගේ ඇගට දාපු එක, කට්ටිය සිල් රැක්ක හැටි එහෙම කලින් පෝස්ට් වල කියලත් තියනවා. ඒ පොතක් දිහාවත් බලන්නේ නැති අමු විකාර කරපු, කෙල්ලෝ අල කරපු, කෙල්ලෝ නිසා ගහ ගත්ත බැනගත්ත. ඉස්කෝලේ ඇතුලේ එලියේ කියලා නැතුව පිස්සු නටපු, එක එකාව මගුල් ජෝඩු කරපු ඒ කාලේ මතක් වෙනකොට දැන් නම් හරිම දුකක් දැන්නෙන්නේ.
         තව කොච්චර පොඩි කාලයක්ද ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන ඉස්කෝලෙට යන්න තියෙන්නේ. ඊට පස්සේ හිටිය හැම එකාම සී සීකඩ සමහරු නම් ඉතින් පාර තොටේ දැක්කත් නොදැක්ක ගානට යයි. දැනටමත් සමහර උන් එහෙමයි. දැන් ආතල් පිට හිටියට ඉස්කෝලේ ගමනින් පස්සේ වෙන්ට ඇති ජීවිතේ කොච්චර හැල හැප්පීම් තියනවද කියලා තේරෙනවා ඇත්තේ. දැන් අම්මලා දෙන දෙයක් කාලා හිටියට තමන්ගේ හයියෙන් නැගිටින්න හදනකොට වෙන්න ඇති ඔය දේවල් තේරෙන්නේ..... අනේ මංදා ඉස්කෝලේ ගමනින් පස්සේ ජීවිතේ ගැන හිතන කොටත් මොකක්ද වගේ. අද ඔය කරට අත දාගෙන මචං කියාගෙන ඉන්න යාළුවො එදාට එකෙක් වත් නැතිවෙයි සමහර විට " අඩේ කොහොමද ඉතින්...?" කියලවත් අහන්න. මේ දේවල් කොහොමින් කොහොම වෙයි ද කියල නම් ඉතින් බීටට අදහසක් නෑ.
        බීටා මේ අවුරුද්ද මුල තරයේම හිතා ගත්ත එකක තමා පංතියේ මැඩම් එක්ක කේස් දාගන්නේ නැතුව ඉන්නවා කියන එක. මොක්ද කියනව නම් පහු උන වාර දෙකේම බීටයි බීටගේ යාළුවනුයි වැඩිය එයාව ගනන් ගත්තේ නෑ. මොකද එයා කවදාවත් එයාගෙන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙනවට වඩා ඒවා ගෙන් ලිස්සලා යන්න එයා දන්න නිසා. දවසක් බීටා ඒ විෂය සම්බන්ධයෙන් එයාගේන් අහපු ප්‍රශ්ණෙ කෙට උත්තර දීගන්න බැරි වෙලා දුන්න උත්තරේ තමා "තමුසේ දැනගන්නවා ගුරු ගෞරවේ තියලා ප්‍රශ්න අහන්නට" කියලා. අපි අතිනුත් ඉතින් වැරදි නොවුනා කියන්න බෑ. ඒත් විශයක් උගන්නවන ගුරුවරයෙක් අතින් ඔහොම උත්තර ලැබෙන එක බීටා නම් හොහොමටවත් අනුමත කරන්නෙ නෑ.
         ඒ කොහොම කොහොම උනත් ඉතින් පරණ වැරදි හදාගෙන යහපත් කල්ක්‍රියාවෙන් යුතුව ඉන්ට තමා දැන් කල්පනාව. පහුගිය කාලේ බ්ලොගේ ලියනව එකත් නැවතුනා දැන් නම් හිතෙනවා අපරාදේ කියලා. ඉස්සරහටන එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නට හොඳ නෑ කියලා බීටට හිතෙනවා . ඉතින් ඉස්සරහට හෙමීට හෙමීට ඉඩ, වෙලාව තියන විදිහකට බ්ලොගෙත් ඇදගෙන අනින් හැම දෙයක්මත් හොඳට කර ගන්න ලොකු අරමුණක් තියනවා. ඉතින් බීටා හැමෝටම කියනවා ඉස්සර වගේ මේ පැත්තේ ඇවිල්ලා හිතෙන දෙයක්, හොඳ නරක ලියලා යන්න එන්න කියලා.
        
          

4 comments:

  1. ඉස්කෝලෙ කාලෙ වටිනාකම ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ තමා දැනෙන්නෙ. ඊට පස්සෙ ඉස්කෝලෙ ගාවින් බස් එකක ගියත් ඉස්කෝලෙ පැත්තෙන් එන හුළඟත් සැපයි. හලේ.. කොච්චර මතක සැමරුම්ද.

    ReplyDelete
  2. ඔය හැගීම තව වැඩි වෙනවා තව අවුරුදු කීපයක් යද්දි.. අනේ ආයෙම ඉස්කෝලේ යන්න ඇත්නම් කියලා හිතෙනවා.. ඒ නිසා මේ මාස 8 කාලෙකට ඇතිවෙන්න හොද මතකයන් ටිකක් එකතු කර ගන්න.. මොනා කලත් පාඩම් වැඩ නම් අමතක කරන්න එපා...

    ReplyDelete
  3. ඒකනේ මල්ලි. බ්ලොග් ලියන එක නවත්තන්න එපා. දිගටම ලියන්න.
    ඔය කාලේ මතක තමා ගොඩක් වෙලාවට යාළුවෝ හම්බ උනාම කියවන්නවත් තියෙන්නේ.

    ReplyDelete
  4. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete

හිතෙන දෙයක් ලියලා යන්න