සොඳුරු සුතුවම් සිතෙහි ඇඳුනා
හදේ හැඟුමන් එක් වෙලා
සෑම දා මගෙ ලඟින් හිඳිනුව
ඔබේ පහසින් මා වෙලා
මගේ පපුවට තුරුළු වී නුඹ
ආදරෙන් මට ලං වෙලා
හදෙහි වූ දුක් නිවාලනු මැන
ඔබේ සෙනෙහේ පෙන්වලා
ලඟින් නැතිමුත් දුරින් හිටියත්
සුලඟ හා මා මුසු වෙලා
පාව එන්නම් ඔබේ තුරුලට
ආදරේ උණුසුම පතා
හදේ හැඟුමන් එක් වෙලා
සෑම දා මගෙ ලඟින් හිඳිනුව
ඔබේ පහසින් මා වෙලා
මගේ පපුවට තුරුළු වී නුඹ
ආදරෙන් මට ලං වෙලා
හදෙහි වූ දුක් නිවාලනු මැන
ඔබේ සෙනෙහේ පෙන්වලා
ලඟින් නැතිමුත් දුරින් හිටියත්
සුලඟ හා මා මුසු වෙලා
පාව එන්නම් ඔබේ තුරුලට
ආදරේ උණුසුම පතා
කෙදින හෝ නුඹ කුමන ලෙසකින්
වෙන් නොවෙන් මා හැරපියා
මගේ අහසම එළිය කර නුඹ
පායන්න සඳ විලසිනා
ඉතින් සොඳුරිය හිතක් ඇත්නම්
වෙන් නොවෙන් මා හැරපියා
මගේ අහසම එළිය කර නුඹ
පායන්න සඳ විලසිනා
ඉතින් සොඳුරිය හිතක් ඇත්නම්
ඉන්න මා හා එක් වෙලා
කොතෙක් හෝ මා බලා ඉන්නම්
කොතෙක් හෝ මා බලා ඉන්නම්
ඔය සුවඳ මගෙ වෙන තුරා





